අරමුණ
මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ ඔබ අපගේ වෙබ් අඩවිය වන bio-oil.com ("අපි", "අපගේ" හෝ "අප") වෙත පිවිසෙන විට අපි ඔබේ පුද්ගලික දත්ත රැස් කිරීම, භාවිත කිරීම, බෙදා ගැනීම සහ වෙනත් ආකාරයකින් සැකසීම සිදු කරන ආකාරය විස්තර කිරීම යි. ඔබේ රහස්‍යතාව සුරක්‍ෂිත කිරීමට සහ ඔබේ පුද්ගලික දත්ත ආරක්‍ෂා කිරීමට අපි කැපවී සිටිමු.
අපි රැස් කරන දත්ත
ඔබේ සැසිය හඳුනා ගැනීමට කුකී භාවිත කළ ද ඔබට නිර්නාමිකව අපගේ වෙබ් අඩවියට පිවිසිය හැක. මෙම කුකී සහ ඒ හා සමාන නිරීක්ෂණ තාක්‍ෂණයන් ඔබේ පුද්ගලිකව හඳුනාගත නොහැකි දත්ත පමණක් රැස් කිරීම සහ සැකසීම සිදු කරයි. ඔබ සබඳතා පෝරමය හරහා ස්වේච්ඡාවෙන් විමසීමක් යොමු කරන විට අපි ඔබේ පුද්ගලිකව හඳුනාගත හැකි දත්ත (ඔබේ නම, වාසගම සහ ඊමේල් ලිපිනය වැනි) රැස් කරනු ලබන්නේ ඔබේ විමසීමට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් පමණි.
අපි ඔබේ දත්ත භාවිත කරන ආකාරය
අපි රැස් කරන දත්ත පහත අරමුණු සඳහා භාවිත කරමු:
- අපේක්‍ෂිත පරිදි වෙබ් අඩවිය ක්‍රියාත්මක වන බව සහතික කර ගැනීමට.
- වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ උසස් පිරික්සුම් අත්දැකීමක් ලබා දීම සඳහා ඔබේ මනාප මතක තබා ගැනීමට.
- වෙබ් අඩවියට පිවිසෙන්නන්ගේ අන්තර්ක්‍රියා විශ්ලේෂණය කිරීමට සහ විශ්ලේෂණ සඳහා ප්‍රමිතික එකතු කර ගැනීමට.
- සබඳතා හරහා ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට.
- නීතිමය බැඳීම්වලට අනුකූල වීමට.
ඔබේ දත්ත සැකසීම සඳහා වන නීතිමය පදනම
ඔබේ පුද්ගලික දත්ත සැකසීම සඳහා වන නීතිමය පදනමට පහත දෑ ඇතුළත් වේ:
කැමැත්ත
ඔබ කුකී පිළිගැනීමේ දී හෝ සබඳතා පෝරමය යොමු කිරීමේ දී ඔබ කැමැත්ත ලබා දීම සිදු කරයි.
නීත්‍යානුකූල බැඳියාව
අපගේ වෙබ් අඩවිය තුළ පරිශීලක හිතකාමී අත්දැකීමක් ලබා දීමට සහ ඔබ තෝරාගත් රට/පළාත සඳහා බලයලත් Bio‑Oil බෙදාහරින්නකු සිටී නම් ඔවුන්ට ඔබේ විමසීමට ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි ඔවුන්ව ඔබ සමග සම්බන්ධ කිරීමට නීත්‍යානුකූල බැඳියාවක් අපට ඇත.
නීතිමය අනුකූලතාව
නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය විට දී අපි ඔබේ පුද්ගලික දත්ත සැකසීම සිදු කරන්නෙමු.
අපි කුකී භාවිත කරන ආකාරය
කුකී යනු පරිශීලකයන්ට වෙබ් අඩවිය කාර්යක්‍ෂමව පිරික්සීමට සහ ඇතැම් කාර්යයන් ඉටු කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔබ පිවිසෙන වෙබ් අඩවි මගින් ඔබේ පරිගණකය තුළ ස්ථානගත කරනු ලබන කුඩා පෙළ ගොනු වේ. වෙබ් අඩවිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට දැඩි ලෙස අවශ්‍ය මෙම කුකී ඔබේ අවසරයකින් තොරව සැකසීමට අවසර නැත. අනෙකුත් සියලුම කුකී බ්‍රව්සරය තුළ පිහිටුවීමට පෙර අනුමත කළ යුතු ය. ඔබට ඕනෑම වේලාවක ඔබේ කැමැත්ත ඉවත් කර ගැනීම හෝ වෙනස් කිරීම කළ හැක.
අත්‍යවශ්‍ය කුකී
අත්‍යවශ්‍ය (හෝ දැඩි ලෙස අවශ්‍ය) කුකී දත්ත ආරක්‍ෂණය වැනි වෙබ් අඩවියේ මූලික ක්‍රියාකාරිත්වයට ඉඩ සලසා දෙයි. මෙම කුකී නොමැතිව වෙබ් අඩවිය නිසි පරිදි භාවිත කළ නොහැක.
අත්‍යවශ්‍ය නොවන කුකී
අප භාවිත කරන අත්‍යවශ්‍ය නොවන කුකී කාර්ය සාධන කුකී ලෙස වර්ගීකරණය කර ඇත. විශ්ලේෂ කුකී ලෙස ද හැඳින්වෙන කාර්ය සාධන කුකී, වෙබ් අඩවියක් ක්‍රියා කරන ආකාරය සහ පරිශීලකයන් එය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය පිළිබඳ දත්ත රැස් කිරීම සිදු කරයි. ඒවා පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු රැස් නොකරයි.
කුකී සඳහා ඔබේ කැමැත්ත
ඔබ පළමු වරට අපගේ වෙබ් අඩවියට පිවිසෙන විට, කුකී බැනරයක් ඔබෙන් කුකී "පිළිගන්න" හෝ "ප්‍රතික්ෂේප කරන්න" යනුවෙන් ඉල්ලා සිටී. ඔබට මෙම සබැඳිය මත ක්ලික් කිරීමෙන් හෝ ඔබේ බ්‍රව්සර සැකසුම් වෙනස් කිරීමෙන් ඕනෑම වේලාවක ඔබේ කැමැත්ත ඉවත් කර ගැනීම හෝ වෙනස් කිරීම කළ හැක.
කුකී කළමනාකරණය කරන ආකාරය
කුකියක් එවන සෑම අවස්ථාවකම ඔබට ඒ බව අනතුරු ඇඟවීමට හෝ කුකී සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට ඔබට ඔබේ අන්තර්ජාල බ්‍රව්සරය වින්‍යාස කළ හැක.
ඔබේ උපාංගයෙන් කුකී ඉවත් කිරීම
ඔබේ බ්‍රව්සරයේ පිරික්සුම් ඉතිහාසය හිස් කිරීමෙන් දැනටමත් ඔබේ උපාංගයේ ඇති සියලුම කුකී මකා දැමිය හැක. මෙසේ කිරීමෙන් ඔබ පිවිසී ඇති සියලුම වෙබ් අඩවිවලින් ලැබුණු කුකී ඉවත් කෙරේ. සුරකින ලද සමහර තොරතුරු ද ඔබට අහිමි වී යා හැකි බව මතක තබා ගන්න (උදා: වෙබ් අඩවි මනාප).
අඩවි-විශේෂිත කුකී කළමනාකරණය කිරීම
අඩවි-විශේෂිත කුකී පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, ඔබේ බ්‍රව්සරයේ රහස්‍යතාව සහ කුකී සැකසුම් පරීක්‍ෂා කරන්න.
කුකී අවහිර කිරීම
ඔබට බොහෝ නවීන බ්‍රව්සරවල සැකසුම්වලින් ඔබේ උපාංගයෙහි කුකී පිහිටුවීම වැළැක්විය හැකි නමුත්, එසේ කිරීමෙන් ඔබ වෙබ් අඩවියකට හෝ පිටුවකට පිවිසෙන සෑම අවස්ථාවකම සමහර මනාප අතින් වෙනස් කිරීමට සිදු විය හැකි අතර, සමහර සේවාවන් සහ කෘත්‍යයන් නිසි හෝ සම්පූර්ණයෙන්ම ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.
දත්ත රඳවා තබා ගැනීම
මෙම ප්‍රතිපත්තියේ දක්වා ඇති අරමුණු සඳහා අවශ්‍ය වන තාක්කල් හෝ නීතියෙන් අවශ්‍ය පරිදි අපි ඔබේ පුද්ගලික දත්ත රඳවා තබා ගන්නෙමු. ඔබ යොමු කරන සබඳතා පෝරම පිළිබඳ වාර්තාවක් අපි තබා ගන්නා නමුත් එහි නම, වාසගම සහ ඊමේල් ලිපිනය යන ක්ෂේත්‍රවල ඇති දත්ත දින 30 කට පසු වාර්තාවෙන් ඉවත් කරනු ලැබේ.
ඔබේ අයිතිවාසිකම්
ඔබ ජීවත් වන අධිකරණ බල ප්‍රදේශය අනුව (නීතියෙන් අවසර දී ඇති ව්‍යතිරේකවලට යටත්ව), ඔබට පහත දෑ සඳහා අයිතිවාසිකම ඇත:
- අප විසින් රඳවා ගෙන සිටින ඔබේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශය ඉල්ලා සිටීම.
- ඔබේ පුද්ගලික දත්ත නිවැරදි කිරීම හෝ යාවත්කාලීන කිරීම.
- ඔබේ දත්ත සහමුලින් ඉවත් කර දැමීමට හෝ මකා දැමීමට ඉල්ලා සිටීම (ඔබව "අමතක කර දැමීමේ අයිතිය").
- ඔබේ දත්ත සැකසීමට විරුද්ධ වීම, සැකසීම තහනම් කිරීම හෝ සීමා කිරීම.
- ඔබේ දත්ත වෙනත් සේවා සැපයුම්කරුවකු වෙත මාරු කිරීමට ඉල්ලා සිටීම (දත්ත සුවහනීයතාවට ඇති අයිතිය).
- ඕනෑම වේලාවක කැමැත්ත ඉල්ලා අස්කර ගැනීම.
- ඔබේ රටේ දත්ත ආරක්‍ෂණය පිළිබඳ අධීක්‍ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.
ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම
ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා bio-oil@unionswiss.com ඔස්සේ අප හා සම්බන්ධ වන්න. ඔබේ දත්ත අපගේ බෙදාහරින්නකු වෙත යවා ඇති විට, ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට ඔබට උදව් කිරීමට අපට හැකි ය.
දත්ත සුරක්‍ෂිතතාව
ඔබේ දත්තවලට අනවසරයෙන් ප්‍රවේශ වීම හෝ අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ඒවා ආරක්‍ෂා කිරීමට අපි සංකේතනය, ආරක්‍ෂිත සර්වර සහ ප්‍රවේශ පාලනයන් භාවිතය ඇතුළු සුදුසු තාක්‍ෂණික හා ආයතනික ක්‍රියාමාර්ග ගන්නෙමු.
ජාත්‍යන්තර දත්ත මාරු කිරීම්
යුරෝපා ආර්ථික කලාපයෙන් පිටතට දත්ත මාරු කරන විට, ඔබේ දත්ත ආරක්‍ෂා කිරීම සඳහා සුදුසු ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගන්නා බවට අපි සහතික වන්නෙමු. සබඳතා පෝරමය හරහා විමසීමක් යොමු කරන යුරෝපා සංගමයෙහි සිටින පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත ඔවුන් තෝරාගත් රට/පළාත සඳහා වන බලයලත් Bio‑Oil බෙදාහරින්නා වෙත මාරු කෙරෙනු ඇති බවත්, එසේත් නැතහොත් එය අසාර්ථක වීමෙන් එම දත්ත අප වෙත මාරු කෙරෙනු ඇති බවත් කරුණාවෙන් සලකන්න.
මෙම ප්‍රතිපත්තියෙහි වෙනස්කම් සිදු කිරීම
අප විසින් වරින් වර මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැක. සිදු කරනු ලබන වෙනස්කම් යාවත්කාලීන කළ සංශෝධන දිනයක් සමග මෙම පිටුවෙහි පළ කරනු ලැබේ.
සබඳතා විස්තර
ඔබට මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්න ඇත්නම් හෝ ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න:
Union-Swiss (Pty) Ltd
Bio‑Oil Data Privacy
9th Floor Park on Long
66 Long Street
Cape Town
8001
South Africa
දුරකථනය: + 27 21 424 4230
ඊමේල්: bio-oil@unionswiss.com
(GDPR අරමුණු සඳහා, අප විසින් සකසනු ලබන පුද්ගලික දත්තවල දත්ත පාලකයා අප වේ.)
අවසන් වරට යාවත්කාලීන කළේ
මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2025 ජනවාරි මාසයේදී ය.